My Story

My Thoughts,My Experiences and something more....



එදා AETI තිබුනු දවසක්.ඉතින් ඒකට ගිහින් එනගමන් පොලිසි යන්න හිතන් හිටියෙ.කොහොමහරි එහෙම සවස 6ට විතර පොලිසියට ගියා.ඒත් ඒ වෙලාවෙ Duty මාරු වෙන වෙලාව නිසා 7 විතට වෙනකම් බලන් ඉන්නත් උනා.
පැමිනිලි වාරෙ ආවම පොලිස් නිලධාරියට විස්තරේ කිව්ව.ඔක්කොම විස්තර කිව්වම එයා පොතේ ඒව ලියාගෙන ඒ number එකට එවෙලෙම call එකක් ගත්ත.ඊටපස්සෙ කිව්ව මේ කතා කරන්න්නෙ kirindiwela පොලිසියෙන්, ඔබතුමා මෙහෙම කෙනෙක්ට තර්ජනය කරල sms එව්ව,call කලා කියන්නෙ ඇත්තද ?ඔය කව්ද?” කියල.එතකොට ඒ මිනිහ කිව්ව "මං විහිලුවක් කලේ,මං එයාගෙ යාලුවෙක් " කියල.එතකොට පොලිසියෙන් කිව්ව විහිලුවට උනත් එහෙම දෙයක් කරන්න ඕනද? දැන් එයාල පැමිනිල්ලක් දාල තියෙන්නෙ කියල.එතකොට මම කිව්ව සර්, එයා කව්ද කියල අහ ගන්න කියල.එහෙම නම ඇහුවම කිව්වෙ "රසික" කියල. මම කිව්ව එහෙම කෙනෙක් දන්නෙ නෑ කියල.ඊටපස්සෙ කිව්ව "දිල්ශාන්ගෙ මල්ලි " කියල.ඒත් මට එහෙම කෙනෙක් මතක් උනේ නෑ.

ඊටපස්සෙ ඇහුව "කොහෙද ඉන්නෙ " කියල.ඒ කිව්වෙ ගෙවල් තියෙන්නෙ කොහෙද කියන එක. මේකා කිව්ව් ගම්පහ ඉන්නෙ කියල.මම කිව්ව එහෙම කෙනෙක්ව දන්නෙ නෑ කියල.ඊටපස්සෙ පොලිසියෙන් කිව්ව එයාට "මෙයා ඔයාව දන්නෙ නෑ කියනව,වහාම හෙට උදේ 10ට පොලිසියට එන්න,නැත්නම් අධිකරනයට යන්න වෙයි "කියල.එහෙම කියල  පොලිසියෙන් line එක cut කලා.ඒ ගමන්ම මගෙ phone එකට අර number එකෙන් එක පිට call  ආව.ඒත් answer කරන්න ගත්තු ගමන්ම phone එක off උනා battery බැහැල තිබුනු නිසා. (මේ දවස්වල එක එහෙමමයි).මෙන්න ඒ ගමන්ම ආයෙ පොලිසියට call එකක් එනව.බලද්දි අර මිනිහමයි.එයා ආයෙ කිව්වෙ ඒක විහිලුවට කරපු වැඩක් ,මගෙ හොඳ යාලුවෙක් කියල.

ඊටපස්සෙ පොලිසියෙන් ආයෙ ඇහුව "ඔයා බොරු කියන්න එපා, කොහෙද ඉන්නෙ? ගම්පහ පැත්තෙ ඔහොම කෙනෙක් දන්නෙ නෑ කියනව. ඔය කොහෙද ?" කියල.ඒ පාර මේකා කියනව "මිරිස්වත්ත ,සර්" කියල.කලින් ගම අහද්දි ගම්පහ කිව්ව, දැන් වෙන එකක්.ඊටපස්සෙ පොලිස් කාරය ඇහුව "එහෙනම් මොකක්ද ගම්පහ කිව්වෙ? ඔයාගෙ ගෙවල් කොහෙද කියල ඇහුවෙ?" කියල. මෙන්න එතකොට කියනව අපේ ගෙවල් ලඟ කෙනෙක් කියල.මේකයි වෙලා තියෙන්නෙ.එදා මිනිහ ගම්පහ class ගිහින්. ඒ එනගමන් තමා අපි call කරල තියෙන්නෙ. ඉතින් "ඔයා කොහෙද " ඇහුවම මේ යකා call එන එන ගානෙ කියල තියෙන්නෙ බස් එක ඒ ඒ වෙලාවෙ තියෙන තැන.කොහොමහරි ඉතින් අන්තිමට මට මතක් උනා මේ කියන්නෙ මෙයා ගැන තමා කියල.බලද්දි මගෙ යාලුවෙක් තමා.(යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ) .මිනිහ මට දීල තියෙන number එක වෙන එකක්.ඒකයි වුනේ.හැබැයි ඒ වෙද්දිත් පැමිනිල්ල දාල ඇවිත්.ඉතින් ආයෙ ඒක ඉල්ලා අස් කරගන්න එයත් එක්ක වෙන දවසක ආව.පොලිසියෙන් එයාට හොඳ අවවාද ටිකකුත් දුන්න එවෙලෙ.

(එදා තමා මං ජීවිතේ පලවෙනි පාරට පොලිසියකට ගියෙ.).
(A/C Bal: 5500)

0 comments:

Post a Comment

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts

Blog Archive