5
වසර කිව්වම මතක් වෙන්නෙ ශිෂ්‍යත්වෙනෙ.මාත් ඒ කාලෙ ශිෂ්‍යත්ව පන්ති ගියා.ඒ අනෝමා
හෙට්ටිආරච්චි කියල ටීචර් කෙනෙක්ගෙ පූගොඩ class.ඒකෙදි කරපු ගොඩක් papers
වලට මට ආවෙ අසූ
ගණන් තමා.සමහර වෙලාවට අනූ ගණනුත් ආව.මම ගොඩක් මහන්සි උනේ ලකුණු ගොඩක් ගන්න තියන
ආසාව නිසා.කොලඹ ඉස්කෝලෙකට යන්නත් ලොකු ආසාවක් තිබුන.ඒ class
එක තිබුන ඉරිද
හවස.එක ඉවර වෙලා ගෙදර එනකොට 6 විතර වෙනව එතකොට.ඒ කාලෙ මගෙ ආසම වැඩසටහනක් තමා
මායා බන්ධන(spell blinders).ඒක තිබුනෙ 5.30ට නිසා class එක ඇරිල ඉක්මනට දුවන් එනව ගෙදර.ඒත්
ඉතින් ගොඩක් වෙලාවට ඒක බලන්න හම්බුනේ නෑ.අගෝස්තු වලින් පස්සෙ බලන්න බැරියැ කියල
හිතන් class ගියෙ ඒ නිසා.
5
වසරෙදි අපේ class teacher උනේ මාහින්කන්ද කියල ටීචර් කෙනෙක්.එයා හොඳ teacher
කෙනෙක්.5 වසරෙදි මම ශිෂ්‍ය නායකයෙකුත් උනා.එතකොට
ප්‍රධාන ශිෂ්‍ය නායකය උනේ හරිත.මට තමා ඒ නිසා පන්තිය බලාගන්න,
ලමයිව නිශ්ශබ්දව
තියගන්න උනේ.පන්තියෙ හිටියෙත් නාහෙට අහන්නෙ නැති ළමයි ටිකක්.ශිෂ්‍ය නායක badge
එක පෙන්නල ඒකෙ power
එකෙන් තමයි
ගොඩක් අයව බය කලේ.
දවසක්
එහෙම ළමයිව නිශ්ශබ්ද කර කර ඉන්නකොට පන්තියෙ ශිෂ්‍ය නායිකාව,
ඕශධී යාලුවෙක්
එක්ක කතා කර කර ඉන්නව දැකල මට හොඳටම තරහ ගියා.2පාරක් හිතන්නෙ නැතුව මම එයා ලඟට ගිහින් හයියෙන්
ඇන්න හොඳ ටොක්කක්.මෙන්න එයා අඬන්න ගත්ත. මටත් එවෙලෙ තමා තරු පෙනුනෙ.ටොක්කක් ඇන්නට
ඕක අඬන්න දෙයක්යැ.කොහොමහරි පන්තියෙ ලමයි 2,3දෙනෙක් ගිහින් වෙන ටීචර් කෙනෙක්ට ඒක
කියල මාව එයා ලඟට එක්කන් ගියා.
ඊලඟ
දවසෙ එනකොට අම්මයි,තාත්තයි එක්කන් එන්න කියල කිව්ව.ඒත්
ඉතින් මං ඒක ගෙදර ගිහින් කිව්වෙ නෑ.ඒ ටීචර්ටත් ඒක මතක තිබ්බෙ නෑ.
ඕශධී තමයි 6,7 වසර වලදි මගෙ හොඳම යෙහෙලිය උනේ.
0 comments:
Post a Comment