My Story

My Thoughts,My Experiences and something more....


මම මොන්ටිසෝරි ගියෙ කිරිඳිවැල Kiddies paradise ආයතනෙට.ඒකට ගියාම මම ඒකෙ හිටපු පොඩිම ලමයෙක්.ඒකෙ කරපු දේවල් ගැන ලොකු මතකයක් නැතත් සමහර දේවල් ටිකක් මතකයි.ඒ කාලෙ ඒකෙ ටීචර්ල 3දෙනෙක් හිටිය.ළමයිව පන්ති 3කට කඩල තමයි ඉගැන්නුවෙ.අපි එයාලට කතා කලේ ආන්ටි කියල.මට උගන්නපු ටීචර්ගෙ නම දර්ශනී ආන්ටි. තවත් මතක හිටපු කෙනෙක් තමයි චම්පා ආන්ටි.ඒ මොන්ටිසෝරියෙ හිටපු ගොඩක් අය පස්සෙ 1 වසරෙදි අපේ ඉස්කෝලෙට ආව.

ඒකෙ ක්‍රීඩා උතසවයක් වගේ එකකුත් තිබුන.ඒක තිබුනෙ කන්ද උඩ ඉස්කෝලෙ පිට්ටනියෙ.ළමයි 150ක් විතර හිටපු නිසා ඒක ලොකුවට තියපු උත්සවයක්.ඒ ගැනත් වැඩි මතකයක් නෑ.තර‍ඟෙට  බේසමකින් බෝතලේකට වතුර පුරවපු එකක්නම් මතකයි.

ඊටපස්සෙ මොන්ටිසෝරියෙ වසර අවසාන විවිධ ප්‍රසංගය ගැන තමා මතක. ඒකෙ කෝච්චියක් ගැන සින්දුවක් තිබුන.ඒ සින්දුවට අපි පොඩි නැ‍ටුමක් කරන්න හිටිය.මම තමයි ඒකෙ කෝච්චියෙ driver විදිහට හිටියෙ.

0 comments:

Post a Comment

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts

Blog Archive