My Story

My Thoughts,My Experiences and something more....



එදා පෝය දවසක්.අම්ම කිව්ව කැලණි යමු කියල.ඒත් නිතරම වගේ කැලණි යන නිසා ඒ පෝයට අලුත් පන්සලකට යමු කියල තාත්ත කිව්ව.ඊට පස්සෙ එක එක තැන් මතක් උනත් එක තීරණයක් තිබුනෙ නෑ.කොහොමහරි පස්සෙ ගෙවල් ලඟ කට්ටියත් එක්ක කතා වෙලා පිලිකුත්තුව,වාරණ,මාලිගා තැන්න යන්න ලෑස්ති වුනා.මම අනිත් තැන් 2ට කලින් ගිහින් තිබුනත් පිලිකුත්තුව පන්සලට නම් කලින් ගිහින් තිබුනෙ නෑ.කට්ටිය 1.45ට විතර ගෙදරින් පිටත් වෙලා 2.30ට විතර පිලිකුත්තුව පන්සලට ආව.ඒක තියෙන්නෙත් අනිත් පන්සල් 2 වගේම 205 බස් පාරෙ.බුත්පිටියට ලඟින්.ඒ පැත්තෙ, අපේ ගෙවල් පැත්තෙ තියන ගොඩක් පන්සල් වලගම්බා රජ්ජුරුවො ගැංගිලා ගිටපු තැන්.ඒ හැම පන්සලකම ගල් ලෙන්,කටාරම් කොටපු ගල් ,ස්වභාවික කැලෑ,කඳු එහෙම තියන, උඩට නැග්ගම අවට වටපිටාව බොහොම පැහැදිලිව පෙනෙන තැන්.ගොඩක් ලස්සන ස්ථාන.

පන්සලට යන තැනම පොකුණක් තියෙන්නෙ.ඊට පස්සෙ කටාරම් කොටපු ගල් වහලයක් තියන බුදු ගේයක් තියනව.ඊටපස්සෙ කන්දක් නගින්න තමා තියෙන්නෙ.ඒකත් අමුතු කන්දක්.කැලෑවක් මැදින් තමා කන්ද නගින්න තියෙන්නෙ.ඒ අතරමග ගල් ලෙන් විශාල ප්‍රමානයක් හම්බෙනව.උඩට නැග්ගම වටපිටාවත් හොඳට පේනව.

ඒ විදිහට උඩට යන්න පන්සලේ මිදුලෙ ඉඳන් පාරවල් 3ක්ම තියෙනව.ඒ හැම එකේම යන්න ගියොත් ගොඩක් වෙලා යනව. පාරවල් 3න් යන්නෙ එකිනෙකට වෙනස් තැන් 3කට.ඒ කැලේ ශාඛ වර්ග ගොඩක් තියෙනව.අනික තමා ලංකාවෙ ලොකුම පුස් වැල තියෙන්නෙත් මෙහෙලු.ඒකත් බලල,ගල් උඩ නැගල එහෙම හවස් වෙද්දි අපි එහෙන් ආව.එන ගමන් මාලිගා තැන්න පන්සලටත් ගියා.ඒකෙත් නගින්න ලොකු කන්දක් තියෙනව.ඒ ගල උඩට නැග්ගම කොලඹ ලොකු ගොඩනැගිලි ,මීගමු කලපුව හොඳට පේනව.World trade centre, Bank of Ceylon building   2 නම් මම අඳුර ගත්ත.

0 comments:

Post a Comment

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts

Blog Archive