My Story

My Thoughts,My Experiences and something more....



පොඩි කාලෙ මම ඉපදුනු දවසෙ ඉඳන් අවුරුද්දක් විතර යනකම් හිටියෙ තාත්තගෙ ගමේ.එහෙ තිබුනු කන්දක තමා ඒ ගේ තිබුනෙ.ඒ කන්දට කියන්නෙ  ගනේකන්ද කියල.ඒ කන්ද උඩ තිබුනෙ කැලෑවක්.ඒ කාලෙ ඒ හරියෙම තිබිල තියෙන්නෙ ගෙවල් 2,3යි.ඒ ගම ලස්සන ගමක්.තාම නහරයෙ බලපෑම එල්ල වෙලා නැති ,කැලෑ,ඇලවල්,වෙල්,කඳු,ගල් පර්වත මේ හැම දෙයක්ම තියෙන ගමක්.කිරිඳිවැල නගරෙ ඉඳන් ටිකක් දුරින් තියෙන්නෙ. කොහොමහරි ඉතින් මටනම් මම එහෙ හිටපු දවස් මතක නෑ. පොඩි කාලෙනෙ.ඊටපස්සෙ තමා මාලිගාවත්තට ඇවිත් මෙහෙන් ඉඩම් අරන් පදිංචි වෙලා තියෙන්නෙ.එතකොට මාලිගාවත්තෙ ගෙවල් 2,3යි තිබිල තියෙන්නෙ ගමටම .ඒත් දැන්නම් අඩියක් ගානෙ ගෙවල් තියෙනව.මම පොඩි කාලෙ හිටියෙ අපේ කලින් ගෙදර.ඒක කඩල තමා දැන් ගේ හැදුවෙ.

ඒ කාලෙ අපේ ගේ ලඟ තිබුනෙ ගෙවල් 2,3යි.ඒ නිසා අපිට සෙල්ලම් කරන්න ඇති තරම් ඉඩ තිබුන,ඒ දවස්වල මම ගේ ලඟ ටික දෙනෙක් එක්ක සෙල්ලම් කරන්න අහුමුලුවල හැමතැනම යනව.ගොඩක්ම කලෙ හැංගිමුත්තන්,හොරා පොලිස්,පොයින්ට් එහෙම තමා.අපෙ ගෙට පහලින් තිබුනෙ වෙලක්.ඒත් දැන් ඒකෙ මය්යොක්ක හිටවල.ඒ නිසා එතන වෙලක් නෑ.වෙල තිබුනු කාලෙ නියරවල් වල වැටි වැටි දුවල සෙල්ලම් කලා.පොඩි කාලෙ ඒ නිසාම මම ගොඩක් තුවාල කරගෙනත් තියෙනව.

අන්නාසි වතු,වෙල්,ක‍ටු පඳුරු,අකුල්,මය්යොක්ක වතු මේ හැම තැනම ඒ කාලෙ සෙල්ලම් කලා.ඒත් දැන් එහෙම කරන්න තැන මෙහෙ නෑ.ගොඩක් ඉඩම් වල දැන් ගෙවල් හදල.අපේ තාත්ත ඉස්සර වැඩ කලේ පූගොඩ රෙදි කම්හලේ.ඒක දැන් වහලනෙ.තාත්ත ඒකෙ වැඩට යන කාලෙ මල්ලි,නංගි ඉපදිලා තිබුනෙ නෑ මට මතක විදිහට.ඒ මම පුංචිම කාලෙ.අපි ඉන්නෙ මේ ගමේ 6වෙනි ප‍ටුමගේ.ඒ කාලෙ අපේ ගෙදර ඉඳන් බැලුවම 3වෙනි ප‍ටුමගේ පාරත් හොඳට පෙනුන.අතරමැද ගෙවල් මුකුත් තිබුනෙ නැති නිසා.ඒත් දැන් 5වෙනි ප‍ටුමගේ පාරවත් පෙන්නෙ නෑ.මට මතකයි දවසක් තාත්ත වැඩ ඇරිල එද්දි 3වෙනි ප‍ටුමගේ පාරෙ ඉඳන් බලන් ඉන්නව මායි,අම්මයි දිහා.මමයි,අම්මයි ගෙදර ඉඳන් තාත්තට ටටා කියනව.

0 comments:

Post a Comment

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts

Blog Archive