ඊටපස්සෙ
සර් class එකේ ඉස්සරහට ගිහින් ඇහුව කවුද මේක ලිව්වෙ කියල.ඒත් කවුරුත් අත
ඉස්සුවෙ නෑ.සර් අනන් මනන් කියල ඒක ලිව්වෙ කව්ද කියල හොයා ගන්න හැදුවත් ඒක හරි ගියෙ
නෑ. ඊටපස්සෙ සර් කලේ class එකේ ඉස්සරහ ඉඳන් එක එක ලමයගෙ පොත් බලාගෙන ආපු
එක.අත් අකුරු වලින් ඒක ලියපු කෙනා හොයන්න තමයි සර් උත්සාහ කලේ.මමයි,
රන්දීරුයි
හිටියෙ ටිකක් පිටිපස්සට වෙන්න තිබුනු desk එකක.සර් ඉස්සරහ ඉඳන් බලන් එනකොට අපිව
මාට්‍ටු වෙනව කියල අපි 2න්නට තේරිලා තිබුනෙ.ඒත් ඉතින් මක් කරන්නද.ඔහෙ හිටිය.මට
ඉතින් වැඩිය බයක් තිබුනෙ නෑ.මම නෙමෙනෙ ලිව්වෙ.ඒත් මාත් ඒකෙ පොඩි කෑල්ලක් ලියපු
නිසා පොඩි බයක් තිබුන.කොහොමත් මේකෙදි සර්ගෙ සැකය මා දිහාවට යොමුවෙලා තියෙන්නෙ කියල
මට නිකමට තේරුනා.ඒකට හේතුව උනේ ඒ ගෑණු ලමයගෙ හොඳම යාලුවයි,මමයි ගැන එක්තරා කතාවක් සර් දැනගෙන
හිටපු නිසා.ඒක පස්සෙ කියන්නම්.
ඒ
නිසා සර් ඉක්මනට අනිත් ලමයිගෙ පොත් check කර කර මා ලඟටම ආව.රන්දීර්ගෙ පොත
මුලින්ම ගත්තොත් මාව අහු වෙන්නෙ නෑ.මොකද ඒ මුලු ලියුමම එයා ලියල තියෙන්නෙ කියල දැන
ගත්තම මම පොඩියට පැන්සලෙන් ලියපුව ගැන හොයන්න සර්ට උවමනාවක් තියෙන එකක් නැති
නිසා.ඒත් වෙලාවට සර් මුලින්ම ගත්තෙ මගෙ පොත.අරගෙන අකුරු බැලුව.එතකොට සර්ට තේරුනා
අර පොඩි කෑල්ල ලිව්වෙ මම කියල.ඊටපස්සෙ සර් මාවත් එක්කගෙන සර්ගෙ room
එකට ගියා.ගිහින්
විස්තරේ ඇහුව.මම කිව්ව ඒක ලිව්වෙ මම නෙමේ,අර පොඩි කෑල්ල විතරයි මම ලිව්වෙ කියල.එහෙනම්
කව්ද ඒක ලිව්වෙ කියල අහද්දිම රන්දීර් ආව එතනට.ඊටපස්සෙ සර්ට විස්තරේ කිව්ව.සර් එක්ක
පොඩි ශාස්ත්‍රීය සංවාදෙකුත් ගියා. ;) කොහොම හරි ඉතින් class
එකේ දීප්තිමත්ම
ශිෂ්‍යයො විදිහට හිටපු අපි දෙන්නට සර් බැන්නෙ නෑ.සර්ටත් අන්තිමට වැඩේට හිනා.
ඒත්
class එකේ ලමයි හිතල තියෙන්නෙ ඒක කරල තියෙන්නෙ මම කියල.මොකද සර් room
එකට එක්කන් ගියෙ
මාව නිසා.එදායින් පස්සෙ සර් ඒ X ලමය ගැන හොඳ අවධානයකින් හිටිය.
0 comments:
Post a Comment