මේ
දවස්වල වහින වැස්ස පටන් ගත්තෙ මාස ගානක් පායල තිබිල.අපේ ලිඳේ වතුර හිඳෙන්න ඔන්න
මෙන්න තියෙද්දි තමා වැස්ස පටන් ගත්තෙ.වැස්ස නිසා ගස් වැල් සරුවට වැඩෙනව.වහිද්දි
කම්මැලි උනත් වැස්ස වෙලාවට, වැස්සකින් පස්සෙ පරිසරය සොබා දහම හරිම ලස්සනයි.හබරල
කොල,කෙසෙල්
කොල උඩට වතුර වැටිල ඒව බිමට වැටෙන් හැටි,ගස් කොලන්වල තිබුනු දූවිලි හේදිලා ගිහින් ඒව
ලස්සන වෙන හැටි,අලුතින්
දලු ලියලන ගස්, හවසට
වැස්සෙන් පස්සෙ මීදුම,තෙමිච්ච කුරුල්ලො මේ ඔක්කොම හරි ලස්සනයි.නගරෙක ඉන්න අයට ඒව දකින්න
ලැබෙන්නෙ නෑ.අපි ඉන්නෙ නගරෙත් නෙමේ.හැබැයි ඒක ගමක්ම කියන්නත් අමාරුයි.ඒත් පැත්ත
ලස්සනයි,දැන්
ගොඩක් ඉඩම්වල ගෙවල් හදල උනත් තවමත් මෙහෙ ලස්සනයි. පොඩි කාලෙ ඊටත් වඩා ලස්සනට තිබුන
මෙහෙ.ඒ කාලෙ වැස්සෙත් සෙල්ලම් කලා.දැන් එහෙම කරන්නෙ නෑ.
ඒත්
වැස්සම ඉස්සර මෙහෙ හෝදගෙන යනව, තැන් තැන්වල මඩ වලවල් හැදෙනව.ගේ ඉස්සරහ පාරෙ
ඉස්සර ලොකු මඩ වලක් හැදෙනව.දැන්නම් ඒක ගොඩක් දුරට වැහිල,ඒත් තවමත් තියෙනව.සමහර වෙලාවට ගස් කඩා
වැටෙනව, අපේ
වත්ත පහල පොල් අතු කඩා වැටෙනව .
0 comments:
Post a Comment