ඒ
කාලෙ දැන් වගේ pen drives තිබුනෙ නෑ.CD උනත් කලාතුරකින් පාවිච්චි කලේ.DVD
කියන නමවත් අහල
තිබ්බෙ නෑ.ඒ කාලෙ තැනින් තැනට data
ගෙනිච්චෙ floppy
disk වල.මටත්
ඒව 2ක්
තිබුන.ඒ කාලෙ හිතුවෙ ඒව තමයි data ගෙනියන්න තියන හොඳම ඒව කියල.වැඩේ කියන්නෙ ඒවයෙ capacity
එක 1.44MB
.හිනාත් යනව
දැන්නම්.එතකොට අවශ්‍ය වැඩ කරගත්තෙ කොහොමද කියල හිතද්දිත් පුදුමයි දැන්.
එතකොට කලේ word
document එකක්,
excel document වගේ
දේයක් save කරගන්න එක නිසා ඒක එච්චර ප්‍රශ්නයක් උනේ නෑ.ඒ කොහොමහරි අපි තමයි floppy
disk
අවසන් වරට පාවිච්චි කලේ. මගෙ floppy එක තවමත් මා ලඟ තියෙනව.
දැන්
සින්දු අහන්න ක්‍රම ගොඩක් තිබුනට ඒ දවස්වල එහෙම නෑ.රේඩියෝ එකයි,
කැසට් පට තමයි
ඒකට ගත්තෙ.එක කැසට් පටයක සින්දු 16ක් විතර තියනව.එහෙම ඒව ගොඩක් තියන් හිටිය
ඉස්සර.දැන්නම් ඒව ඇත්තෙම නැති තරම්.කැසට් පටයක් හා පෑනක් අතර සම්බන්ධය ඒව දැකල
තියන ගොඩක් අය දන්නව. කැසට් පටයක් වැඩ කරන්නෙ නැතුව ගියාම ඒක ඇතුලෙ තියන පටි ඇදල අරන්
ඒවයෙන් මොකක්හරි විකාර සෙල්ලමක් කරපු වෙලාවලුත් තිබුන.
පොඩි
කාලෙ අපේ ගමේ ගොඩක් අපේ වයසෙ අයගෙ ආශාවක් උනේ බයිසිකලයක්(පා පැදියක්) ගන්න
එක.මුලදි ඒව තිබුනෙ ටික දෙනෙක්ට උනාට ටික කාලෙකින්ම ගොඩක් අය බයිසිකල් අර ගත්ත.ඒ
ගොඩක් ඒව අලුත් අලුත් විදිහෙ ලස්සන බයිසිකල්.ඒව අරන් හරි උජාරුවෙන් පැදන් ගියෙ ගම
වටේ.ඒ සමහර ඒවයෙ ගියර් එහෙමත් තිබුන.මට බයිසිකලයක් අරන් දෙන්න කලින් මම ඉඳල හිටල
තාත්තගෙ බයිසිකලේ පැදල පුරුදු උනා.මට බයිසිකලයක් අරන් දුන්නෙ මම හිතන්නෙ මට
අවුරුදු 7,8ක්
උනාම.ඒකෙ බ්‍රේක් නැතුව පැදපු අවස්ථා ඇති තරම් තිබුන.දැන්නම් බයිසිකල් පදින්නෙම
නැති තරම්.
0 comments:
Post a Comment