කටුබැද්ද
සරසවිය එහෙමත් නැත්නම් මොරටුව විශ්ව විද්‍යලය කියන්නෙ strike,
picketing ,වලි ගොඩක් අඩු තැනක්.ලංකාවෙ තියන campus
වලින් ඒ දේවල්
අඩුම එක කිව්වොත් නිවැරදි.ඒ නිසාත්,තවත්
හේතු ගොඩක් නිසාත් ලංකාවෙ මිනිස්සු අතරෙ ලොකු මතයක් තියනව මොරටුව
campus එක ලංකාවෙ හොඳම university එක කියල.ඒකට ප්‍රධානම හේතුව තමා මොරටුව
කියපු ගමන් මතක් වෙන්නෙ ලංකාවෙ විශිෂ්ටම ඉංජිනේරු පීඨය වීම.IT
සහ
architecture faculty
එහෙමත් මොරටුවෙ තිබුනට "Moratuwa is all about engineering
faculty "
කියන තරමටම ඉංජිනේරු පීඨය සුවිශේෂයි.ලංකාවෙ ඉංජිනේරු පීඨවලට තේරෙන අයගෙන් 98%කම first choice එක මොරටුව.
ලංකාවෙ
අනිත් හැම campus එකකටම වඩා මොරටුවෙ සිසුවෙක්ට මුල් තැන ලැබෙන්න මේව බලපානව ඇති.
කොහොම
උනත් මෙ දවස්වල ආචාර්‍යවරු strike .දැනට ලංකාවෙන් බිහිවුනු සවුත්තුම උසස් අධ්‍යාපන
ඇමති තමා මේ දවස්වල ඉන්නෙ.එයාට ලංකාවෙ campus control නෑ.එයාට මේ ප්‍රශ්න විසඳන්න තේරෙන්නෙ
නැති බව ලංකාවෙ හැමෝම දන්නව.එයාව පත් කලෙත් මහින්ද රාජපක්ස නිසා එයාටත් ඒ තරම්
මොලයක් තියෙන බව පේන්නෙ නෑ.ඒත් මේකට නිකම් ඉඳල හරි යන්නෙත් නෑ.ඒ නිසයි engineering
faculty එක එදා
උද්ඝෝශනයක් කරන්න ලෑස්ති වෙලා හිටියෙ.අපි ඊට කලින් දවසෙ හිතන් හිටියෙ මේකට 50ක්වත් එයිද දන්නෑ කියල උනාට (මොරටුවෙ අයට මේව
පුරුදු නෑනෙ.) උදේ ගිහින් බැලුවම 1000ක් විතර හිටිය.ඉතින් අපේ union එකේ අයටත් හොඩක් සතුටුයි.juniorsල ඇඳල තිබුනු විරෝධතා පුවරු එහෙම අරගෙන කට්ටිය campus
එකේ ඉඳන් කෑ ගගහ
කටුබැද්ද හන්දියට ගියා.යන අතරමගදි පාර දෙපැත්තෙ කඩවල,ගෙවල්වල මිනිස්සු,පාරෙ යන අය ඔක්කොම නතර වෙලා බලන් හිටිය.
එයාලත්
ඒකට සහයෝගය දෙන බවක් තමා පෙනුනෙ.මුලදි එහෙම යන්න ලැජ්ජාවක් වගෙත් තිබුන.කොහොමහරි
ඔක්කොම ගාලු පාරට ගිහින් උද්ඝෝශනය අති සාර්ථකව කලා.ඒ අතරෙ මම,තව යාලුවො ටිකක් එක්ක ගිහින් වාහනවලට ,පාරෙ යන මින්ස්සුන්ට පත්‍රිකා බෙදුව.ඒකත් මීට
කලින් මං කවදාවත් කරල තිබුනෙ නෑ.ඉතින් ටිකක් වෙලා යනකම් leaflets
ටික අතේ තියන්
හිටිය මිසක් බෙදුවෙ නෑ.එවෙලෙ කෙනෙක් මගෙ අතේ leaflets තියනව දැකල එකක් ඉල්ලුව.එතකොට තමා එහෙම
බෙදන්න තිබුනු බය නැතුව ගිහින් ඒව ටික හැම වාහනේටම බෙදන්න ගත්තෙ.පස්සෙ ඒක ටිකක්
විනෝද ක්‍රියාවකුත් වුනා.ඊටපස්සෙ ගාලු පාරෙ ඉඳන් ආයෙ campus
එක ලඟටත් කැ ගගහ
ආව.එතනට එනකොට වෙලාව 12.30යි.ඒ ගමන්ම මම ගෙදර එන්න බස් එකට
නැග්ග.
0 comments:
Post a Comment