ඒ කාලෙ
කොම්පියුටරේ කියන්නෙ අපේ පුංචි හිත්වලට අරුම පුදුම, සුඛෝපභෝගී භාණ්ඩයක්.කොටින්ම කිව්වොත් computer
එකක් ඇස් දෙකෙන්
දැකලවත් තිබුනෙ නෑ.පත්තරවල තිබුනු රූප වලින් තමයි දැකල තිබුනෙ.ජීවිතේ පලවෙනි වතාවට
කොම්පියුටරයක් දැක්කෙ ඉස්කෝලෙ 4දි හරි 5දි හරි.ඒ මෙහෙමයි.අපේ කන්ද උඩ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක්
රට ගිහින් ඇවිත් අපේ ඉස්කෝලෙට computer එකක් පරිත්‍යාග කරල.ඒක තමයි අපේ ඉස්කෝලෙට
හම්බවුනු පලවෙනි computer එකත්.ඒකෙ Windows 95 තිබුනෙ .ඉස්කෝලෙ ළමයිව පෝලිමේ එක්කන්
ඇවිත් අපිට කොම්පියුටරේ පෙන්නපු හැටි මට තවම මතකයි.එදා ඉඳන් මගෙ හිතේ computer එකකට ලොකු ආසාවක් තිබුනෙ.ඊටපස්සෙ windows
98,windows 2000,windows NT ,windows 2000 professional, windows XP, windows
vista, windows 7 දැන්
Windows 8 තියෙන්නෙ.
මම
කොම්පියුටරේක ගහපු මුල්ම games තමා Mario, Dave, cricket .ඒව තමා ඒ කාලෙ සුපිරිම
games.ඒව
ගැහුවෙත් මම 7 වසරෙ
වගේ ඉන්නකොට.ඒව ගැහුවෙ windows 98,2000 වල.ඒ කාලෙ ඒවයින් අපි "ඉහල වේගයක් "
අත්වින්ද. ඒ කිව්වෙ අපි ඒ කාලෙ හිතුවෙ ඒ computer වල වේගෙ තමා හොඳම වේගෙ කියල.
ගොඩක් වෙලාවට
වැඩ කලේ Pentium ii, Pentium iii වගේ computers වල.Pentium iv තමයි එතකොට සුපිරිම කොම්පියුටර්.මම 7
වසරෙදි මෙහෙම වැඩ කලේ TEC (Sri Lanka) ආපු නිසා.ඒකෙ lab එකේ තිබුනු computers
ගැන තමා මේ
කිව්වෙ.TEC(Sri Lanka) තමා ඒ කාලෙ තිබුනු ප්‍රසිද්ධම,විශාලම පරිගණක පාසල් ජාලය.
TEC(Sri Lanka) යන එක ලොකු ගෞරවයක් විදිහට තමයි ගොඩක් ලමයි සැලකුවෙ.මම ගියෙ ගම්පහ
ශාඛාවට.
එහෙම
එකේ ඉතින් internet ගැන හීනෙවත් හිතුවෙ නෑ ඒ කාලෙ.
0 comments:
Post a Comment