වසර
34කට
පසුව ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද කපිල වස්තු ධාතූන් වහන්සේලා පුරා දින 3ක් ප්‍රදර්ශනය කිරීමට තබා තිබුනේ
කැලණිය මානෙල්වත්ත විහාරයේය.ඊයේ උදෑසන මම,අම්මා හා නංගි කැලණි මානෙල්වත්ත විහාරයට ගියේ
එම ධාතුන් වහන්සේලා වැඳ ගැනීමට.
එදා
හිතුවට වඩා මහ සෙනගක් ඇවිත් හිටපු නිසා පෝලිමේ ගොඩක් වෙලා අපිට ඉන්න උනා.පෝලිමට
එනකොට වෙලාව 1.15ට
විතර ඇති.ධාතුන් වහන්සේලා වඳින්න පුලුවන් උනේ රෑ 11.15ට විතර.එච්චරටම පෝලිම්වල සෙනග.ඒ අතරමග
පෝලිමේ ඉන්නකොට බිස්කට්,බීම,තේ දන්සැල් අඩුවක් නැතිවම තිබුන.එක්කෙනෙක්ට මාරි පැකට් 10,12 බෙදාගෙන ගියා පන්සල ලං වෙනකොට.පැය
ගානක් පෝලිමේ හිටගෙන හිටපු නිසා කකුලුත් එවෙලෙ හොඳටම රිදි රිදි තිබුනෙ.
කොහොමහරි
අමාරුවෙන් පන්සල ඇතුලට ගියාම එලියෙ තිබුනටත් වඩා පෝලිමක් පන්සල ඇතුලෙ.එවෙලෙ යන්තම්
පිනකට වගේ අපිට ඉක්මනට ඇතුලට යන්න ලැබුන.ඊටපස්සෙ ධාතුන් වහන්සේලා වැඳ ගත්ත.
0 comments:
Post a Comment