1
වසරෙ කියවීම් පොතේ තිබුනු පාඩමක් මට හොඳට මතකයි.ඒක ගැන තියෙන්නෙ සුන්දර මතකයක්
නිසා ඒ ගැන ලිව්වෙ. අමර,නයනා සල් ගස යට ඉඳන් කරන දෙබස තමා මට ඉස්කෝලෙ කියවීම් පොතක හම්බුනු
සුන්දරම පාඩම.මගෙ වයසට ආසන්න වයසක ඉන්න ඕනම කෙනෙක්ට ඒක මතක ඇති කියල මම හිතනව.
මට මතක තියන පුංචිම කාලෙ දවස මොකක්ද කියල හරියටම
තේරුමක් නැතත්,( මම
හිතන විදිහට අවුරුදු 3 දි වගේ) මට හරියට ඇවිදින්නත් අමාරු කාලෙක උනු සිදුවීමක් මතකයි.එදා
ගමෙ අම්ම(තාත්තගෙ අම්ම ) අපේ ගෙදර එනව දැකපු මම එයාට කෑගහල කිව්ව "ඔයා එන්න
එපා,ඔයා
මට කතන්දර කියාදෙන්නෙ නෑ" කියල.කොහොමහරි එදා කතන්දරයක් කියාදෙන්න ඇති මට.ඒව
මතක නැනෙ.
මට
අවුරුදු 4දි
තමයි මල්ලි ඉපදුනේ.අපි දැන් ඉන්න වත්තෙම තිබුනු ගෙදරක තමයි අපි දැන් ඉන්න ගෙදරට
එන්න කලින් හිටියෙ.ඒ ගෙදර කඩයකුත් දාල තිබුනෙ අම්මල.දවසක් ඒ කඩේට බඩු ගන්න ආපු
අය්ය කෙනෙක්ගෙ රු.100 නෝට්‍ටුවක් මම ඉරල දැම්ම් මතකයි. ඒ කාලෙ 100ක් කියන්නෙ ලොකු ගානක්.මට අවුරුදු 3දි විතර මට මල්ලියෙක්වත්,නංගියෙක්වත් හිටපු නැති නිසා මම තනියම
ගෙයි එලියෙ බිත්තියෙ අඟුරු කෑලිවලින් කුරුටු බලි ලිව්ව මතකයි.
මට
පොඩිම කාලෙ හිටපු යාලුවො ටිකක් තමයි දිමි කියන්නෙ.උන් එක්ක මම ගොඩක් සෙල්ලම් කරල
තියෙනව.ඒ කාලෙ අපේ වැටේ තිබුනු මල් ගස්වල දිමි ගොටු ගොඩක් තිබුන.වෙලාවක උන් මාව
හොඳටම කෑව.ඒ කාලෙ අම්ම මාව බය කරන්න ඕන උනොත් කියන්නෙ ගෙයි බැඳල දිමි ගොට්ටක්
ගෙනත් දානව කියල.දැන්නම් දිමි කොහෙවත් පේන්න නෑ.තාත්තනම් හොඳටම ගහනව මට.මම එහෙම
වෙලාවට කරන්නෙ බේරෙන්න දුවන එක.එතකොට තාත්ත මට පොල් ලෙලි වලින් දමල ගහනව
වෙලාවකට.පොඩි කාලෙ මම හොඳට ගුටි කාල තියෙනව.
0 comments:
Post a Comment