ටික
ටික ලොකු වෙද්දි අපි ගහන්න,සරුංගල් අරින්න එහෙම පුරුදු උනා.මට මුල්ම කාලෙ සරුංගල් යවන්න
තේරෙන්නෙ නෑ.ටිකක් ලොකු උනාම තමා ඒක හරියට තේරුම් ගත්තෙ.ඉස්සරම පොඩි කාලෙ මම කලේ
දුව දුව සරුංගලේ උඩ යන තරම බලන එක.අපෙ ගෙට එහා වත්තෙ ඒ කාලෙ මුකුත් තිබුනෙ නෑ.හුලං
තියෙන කාලෙට එතනින් ලොකුවට හුලඟ හමනව.ඉතින් අපි සරුංගල් යැව්වෙ එතන තමා.ඉඳල හිටල
ඒව ගස්වලත් පැටලෙනව.
ඒ
දවස්වල වෙල අයිනෙ ඇවිදන් යද්දි අපි ආසාවෙන් කාපු දෙයක් තමා දං ගෙඩි.දං පඳුරු ගොඩක්
වෙල අයිනෙ තිබුන.දැන්නම් වැඩිය නෑ.ටිකක් ලොකු වෙද්දි අපි සෙල්ලම් කරන්න ගත්ත.අපේ
ගෙට ඉස්සරහ පාරෙ තමයි සෙල්ලම් කලේ.එක පැත්තක වතු හිස්ව තිබුනු නිසා එතන ගහන්න ඉඩ
තිබුන.
අපේ
ගමේ මුල්ම අවුරුදු උත්සවේ පැවැත්තුවෙ අපේ අම්මයි,තාත්තයි.ඒක පොඩියට තියපු එකක්.ඒ කිව්වෙ
6වෙනි
පටුමගේ අයට විතරක් තියපු එකක්.ඒකත් පොඩි අයට.මාත් ඒ කාලෙ පොඩි නෙ.මම ඒකෙ ගම හරහා
තරඟෙන් පලවෙනිය උනා.ඊටපස්සෙ අවුරුද්දෙ ඉඳන් ගමේ වෙන කට්ටියක් ලොකුවට අවුරුදු
උත්සවයක් තියන්න ගත්ත. මේ විදිහට තමා මගෙ පොඩිම කාලෙ ගෙවුනෙ.
0 comments:
Post a Comment